Igniting Sri Lanka's
Tech Start-up Ecosystem
At Triple I, we strive to cultivate a vibrant ecosystem where tech-innovations are encouraged, nurtured, and celebrated. Our mission is to continuously scout for exceptional talent with the potential to revolutionize the tech start-up landscape.
ලංකාව තුල සිටින නිර්මාණාත්මක හැකියාවලින් යුක්ත, ශ‍්‍රී ලාංකිකයන්ට මෝටර් රථ, අමතර උපාංග නිෂ්පාදන ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ‍්‍යය පහසුකම් සහ සම්බන්ධීකරණ කටයුතු සලසා දීම අපගේ Vision 2040 හි Triple ( i ) වැඩසටහනෙහි අරමුණ වේ.
දැනටමත් නිෂ්පාදනයෙහි නිරත වන අය හා අලුතින් සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන පිරිස් සඳහාත්, මෙම නිෂ්පාදන වලට ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන පිරිස් සඳහාත්, සැලසුම් නිර්මාණයට, පේටන්ට් කටයුතු සඳහා නීති සහය ලබාදීමටත්, අලෙවි කටයුතු සම්බන්ධයෙන් සහය ලබාදීමටත්, පුහුණු සේවා සහ උපදේශන සේවා ලබාදීමටත් හැකියාව පවතින කණ්ඩායම් වලට ශ්‍රී ලංකාව මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයෙහි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අවශ‍්‍යය දායකත්වය ලබා දීම සඳහා මෙම වෙබ් අඩවිය තුල ලියාපදිංචි වීමට ආරාධනා කර සිටින්නෙමු.
ඔබගේ නිෂ්පාදනය පිළිබඳව හෝ ඔබ ලබාදීමට බලාපොරොත්තු වන සේවාව ඇතුලත් ක්‍ෂේත්‍රය පිළිබඳව හෝ ඡායාරෑප, වීඩියෝ ඇතුලත් සවිස්තරාත්මක තොරතුරු සමගින් දකුණු පස “Submit Your Profile” ඇති icon එක ක්ලික් කිරීම තුලින් අප හා එක්වන්න.